%AM, %09 %501 %2013 %11:%Sep

ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වෛරසය ශ්‍රී ලංකාවටත් පැතිරීමේ අවදානමක් Featured

Rate this item
(0 votes)

ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මේ දිනවල ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වෛරස් තත්ත්වය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින් එම වෛරසය ශ්‍රී ලංකාවේ හිස එසවීමේ අවදානමක් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇති බව අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘රිවිර’ට පැවසීය.

පසුගිය වසරේ මැයි සහ ජුනි මස වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගත තත්ත්වයක් පැවතියද මේ වසරේ එම තත්ත්වය උද්ගත නොවුණේ ඩෙංගු පළමු වෛරස් කාණ්ඩයට රෝගීන්ගේ ඔරොත්තු දීම හේතුවෙන් බව හෙතෙම පැවසීය.

එහෙත් ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මේ දිනවල පැතිර යන ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාවේ රෝගීන්ට ඇතිවුවහොත් ඔරොත්තු දීමේ හැකියාව නොමැති බැවින් එය වසංගත තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බවත් රෝගීන් වැඩි වීමේ අවදානම හා රෝගීන් මිය යාමේ අවදානම වැඩි විය හැකි බව එම නිලධාරියා අවධාරණය කළේය.

ඩෙංගු පළමු කාණ්ඩයේ වෛරස් තත්ත්වය වසංගතයක් දක්වා මෙම වසරේ ව්‍යාප්ත නොවුණේ ඩෙංගු මර්දන කටයුතු සාර්ථකව සිදු කළ නිසා බවත් දෙවැනි වෛරස් කාණ්ඩය මෙරටට ඇතුළු වුවහොත් එය මර්දනය කිරීමට පියවර ගත යුතු බවත් එසේ නොවුණොත් ඩෙංගු  වෛරස් තත්ත්වය යළි ඉදිරි කාලයේදී හිස එසවිය හැකි බවත් වසංගත රෝග විද්‍යා අංශය අමාත්‍යාංශයට අවධාරණය කර තිබේ.

මෙම වෛරස් කාණ්ඩයේ රෝග ලක්ෂණද ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ වේ.
එහෙත් දෙවැනි කාණ්ඩයේ වෛරස් තත්ත්වය රෝගියකුට ඇතුළු වුවහොත් ඔරොත්තු දීමේ නොහැකියාව හේතුවෙන් අසාධ්‍ය විය හැකි බව එම අංශය පෙන්වා දී තිබේ.

Source:www.rivira.lk/edition/article/

හර්ෂණී වීරරත්න

Read 2535 times Last modified on %AM, %10 %194 %2013 %03:%Sep

Featured Posts

Recent Posts

Show Panel