
මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.මේ මාසයේ ගත වූ සති දෙක තුල ඩෙංගු රෝගීන් 140ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ හා බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද හෙතෙම පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි යැයි අනුමාන කරන බවද වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.
මේ වසර තුල ඩෙංගු රෝගීන් 2475ක් ද මරණ 11 ක් ද වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ / රන්මලී සෝමසිරි
මේ වසර තුල ඩෙංගු රෝගීන් 2475ක් ද මරණ 11 ක් ද වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ / රන්මලී සෝමසිරි
Source:www.lakbima.lk