පුවත්

පුවත් (14)

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම අද සිට සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය පිරිසිදු කිරීමේ පැය ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ නිවාසවල අද සිට එම කාලය තුළ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම ඊට අදාළ කටයුතු සිදුකළ යුතුයි.

දිවයිනේ ඇතැම් ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා මේ වනවිට ඒවායේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා.

පවතින තත්ත්වය මත අංගොඩ උණ රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කරගැනීම ඊයේ සිට තාවකාලිකව අත්හිටවුූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රෝහලේ ඇඳන් 180ක් පවතින නමුත් මේ වනවිට ඩෙංගු සහ උණ රෝගීන් 500 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

Thursday, 24 July 2014 06:38

ඩෙංගු බෝ කළ 20 කට දඩ

Written by

ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් පරිසරය අපවිත‍්‍රව තබාගත් පුද්ගලයෙකුට එරෙහිව අද බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කෙරුණා. බලංගොඩ අවට ප‍්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පොලීසිය එක්ව පසුගිය සති දෙක පුරා මෙහෙයුම් සිදුකළා. එහිදී පරිසරය අපවිත‍්‍රව තබාගත් පුද්ගලයන් 21 දෙනෙකුට එරෙහිව නඩු පැවරුණා.

නඩුව සදහා අද දින පැමිණ ඇත්තේ පුද්ගලයන් 20 දෙනෙකු පමණයි. රුපියල් දහස බැගින් ඔවුන් 20 දෙනාට දඩ ගෙවන ලෙසයි බලංගොඩ මහේස්ත‍්‍රාත් ලලිත් කංනන්ගර මහතා නියෝග කළේ. අධිකරණය මගහැරි පුද්ගලයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසද මෙහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Source: nethfm.com

මාලිගාවත්ත පිහිටි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට හා කොළඹ පෞද්ගලික බැංකුවක ප්‍රධාන කාර්යාලයකට ඩෙංගු මදුරුවන් බෝ කිරීමට විරුද්ධව නඩු පැවරූ බව ඩෙංගු මදුරු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඊයේ (18) රිවිරට පැවසීය.කොළඹ මහ නගර සභාව මගින් පවත්වන ඩෙංගු මර්දන වැඩසටහනකදී මෙම ස්ථාන ඊයේ (18) පරීක්ෂා කර තිබේ.

ඩෙංගු මදුරු කීටයන් බෝ කළ බවට තහවුරු වූ බැවින් ඊට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් මෙසේ නඩු පැවරීමට තීරණය කර ඇත.එම ආයතන දෙකෙහිම ඩෙංගු මදුරු කීටයන් බෝවී ඇත්තේ ජල පෙරණ යන්ත්‍රයේ ජල රැඳවුම් ස්ථානයේ බව සඳහන්ය.
හර්ෂණී වීරරත්න

Source: www.rivira.lk

මෙම සතිය පුරා දිවයිනේ සෑම ස්ථානයකම ඩෙංගු පරීක්ෂා කිරීමේ හා දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ වැඩසටහන සමාරම්භ කරමින් පෙරේදා (16) පෙරවරුවේ අරලියගහ මන්දිරය හා ජනාධිපති කාර්යාලය ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන දියත් කළේය.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේ වැඩසටහනට සමගාමීව ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ සහ අරලියගහ මන්දිරය පරිශ්‍රය තුළ පිරිසිදු කිරීම සඳහා ජනාධිපති කාර්යමණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු ක්ෂණික විහිදුම් ඒකකයේ බස්නාහිර පළාත් නිලධාරීන්ගේ හා ස්වේච්ඡා භටයන්ගේ සහභාගිත්වය ඇතිව ශ්‍රමදානයක්ද සිදු කෙරිණි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් ජනාධිපති කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ දේශනයක්ද පැවැත්වූ අතර, මේ අවස්ථාව සඳහා ජනාධිපති අතිරේක ‍ලේකම් ඩී.එස්. ගුණරත්න මහතා ඇතුළු කාර්යමණ්ඩලයද එක්ව සිටියහ.

ඩෙංගු මදුරුවන් බෝවන ආකාරය හා ඩෙංගු උවදුර ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටි අතර, ඩෙංගු උවදුරෙන් ආරක්ෂා වීමේ පුළුල් අවබෝධයක්ද මෙයට රැස්ව සිටි සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදෙන ලදී.

නිරිතදිග ඊසානදිග මෝසම් වැසි කාලය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාහැකි බැවින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම අමාත්‍යාංශ මට්ටමින් සහ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.

ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 2010 වසරේදී පිහිටුවනු ලැබූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු අමාත්‍යාංශ ඒකරාශී කර ගනිමින් ක්‍රියාත්මක මෙම බළකායේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු උවදුර සැලකිය යුතු මට්ටමින් අවම කරගැනීමට හැකියාව ලැබුණු බවද මෙහිදී සඳහන් කෙරිණි.

 

Source: www.rivira.lk

2014 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22876 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 57.58% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 25වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2014 ජූලි 23 වෙනි බදාදා, 10:46

 

Source: www.epid.gov.lk

එක ඇඳේ ලෙඩ්ඩු දෙදෙනා බැගින් සිටිති

කළුබෝවිල රෝහලේ ඩෙංගු වාට්‌ටුවක්‌

ලිපිකාරිනියටත් ඩෙංගු


කට්‌ටියම 4 වැනි වාට්‌ටුවේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙදියන් දෙදෙනකුට හා ලිපිකාරිනියකට ඩෙංගු උණ වැළඳී ඔවුන් එහි හතර වැනි වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා "දිවයින"ට ඊයේ (28 දා) පැවැසීය.

රෝගී වූ වෛද්‍යවරයා හා රෝහල් සේවකයින් තිදෙනා දින තුනක සිට නේවාසික ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

පසුගිය මාස කීපය තුළදී කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ සේවය කරන බොහෝ දෙනෙකු ඩෙංගු වැළඳී ප්‍රතිකාර ලබාගත් බවද හෙතෙම කියා සිටියේය. මේ වන විටත් ඩෙංගු වැළඳුණු ළමා හා වැඩිහිටි රෝගීන් 160 දෙනෙකු රෝහල් වාට්‌ටුවල ප්‍රතිකාර ලබන බවද එක්‌ ඇඳක රෝගීන් දෙදෙනා බැගින් රඳවා තිබෙන බවද අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

රෝහල් පරිශ්‍රය සතියකට වරක්‌ පිරිසිදු කළද රෝහල වටා පදිංචිව සිටින නිවැසියන් ඔවුන්ගේ නිවෙස්‌ අවට ශුද්ධ පවිත්‍ර කිරීමක්‌ කෙරෙහි යොමු නොවීමෙන් ඩෙංගු මදුරුවන් බහුලව බෝවී ඇතැයිද වාර්තාවේ.

Source:www.divaina.com

2013 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 31876 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.55% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  3වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.

Source:www.epid.gov.lk

මහරගම පොලිසිය ප්‍රදේශයේ මහජනතාව දැනුවත් කිරීම සදහා පොලිස් ස්ථානයේ බිත්ති මත ඩෙංගු රෝගය හා එය ව්‍යාප්තිය වලක්වාගත යුතු ආකාරය සිතුවමට ලක් කර ඇති අයුරු කැමරා කාචයට හසුකරගන්නට හැකි විය.

Image1958

Image1959

Image1960

 

Image1961Image1962

Image1957

 

newsimg
මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.මේ මාසයේ ගත වූ සති දෙක තුල ඩෙංගු රෝගීන් 140ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ හා බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද හෙතෙම පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි යැයි අනුමාන කරන බවද වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.
මේ වසර තුල ඩෙංගු රෝගීන් 2475ක් ද මරණ 11 ක් ද වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ / රන්මලී සෝමසිරි

Source:www.lakbima.lk

Featured Posts

Recent Posts

Show Panel