%AM, %17 %516 %2013 %11:%Aug

වහාම ක්‍රියාත්මකයි: ජාතික මදුරු මර්දන මාසයක් Featured

Rate this item
(1 Vote)


ජනාධිපති කාර්ය සාධක බළකායේදී අද ප්‍රකාශ කෙරේ

සන්ධ්‍යා කරුණාරත්න

අද (18) පැවැත්වෙන ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බළකායේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික මදුරු මර්දන මාසයක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙතෙක් ක්‍රියාත්මක කළ මදුරු මර්දන සති වෙනුවට ජාතික මදුරු මර්දන මාසයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සියලුම රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රටේ ප්‍රජාව හා සියලු අංශ ඒකාබද්ධ කර ගනිමිත් මේ වැඩපි‍ළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බළකාය නිකුත් කර තිබෙන චක්‍රලේඛයන්ට අනුව සියලු ආයතන ක්‍රියාත්මක වූවා නම් අද වන විට ඩෙංගු ව්‍යසනය මෙතරම් දුරට ව්‍යාප්ත නොවන්නේ යැයි ද ඒ මහතා කීය.

ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බළකායට අමාත්‍යාංශ දහයක නියෝජනය ලැබෙන බවත් වරින් වර පවතින වර්ෂාව දැනට ක්‍රියාත්මක කරන ඩෙංගු වැඩසටහන්වලට බාධාවක් වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එක් එක් අංශවලට පැවරී ඇති වගකීම් පැහැර හැරීම නිසා ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) පැවැත්වෙන ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකායේදී‍ මේ පිළිබඳ ඒ ඒ අමාත්‍යාංශ බාර ඇමැතිවරුන්ට හා ලේකම්වරුන්ට පැහැදිලි කර දී තම තමන්ගේ ආයතනවල වගකීම නිවැරදි ලෙස ඉටු කරන ලෙසට ඉල්ලීමක් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේදී ඇති වන වෙනස්කම් ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි වීමට හේතු වන්නේ යැයි ද මදුරු ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඒ නිසා ස්වාභාව ධර්මයා සමඟ සටන් කිරීමට සිදුව තිබෙන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු වෛරසය ශරීරගත වීම නිසා රුධිර සංසරණ පද්ධතියට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රධාන වශයෙන්ම බලපෑම් කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

එම වෛරසය ශරීරගත වීම නිසා ස්වසන පද්ධතියට හානියක් සිදුනොවන්නේ යැයි ද ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වන නියුමෝනියාව, මොළේ උණ යනාදී රෝග වැළඳීමට ඩෙංගු වෛරසය බලපෑමක් සිදු නොකරන්නේ යැයි ද ඔහු පැවැසුවේය.

සාමාන්‍ය උණ හෝ තද උණ ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන බවත් හිසරදය, වමනය, මස් පිඬුවල වේදනාව සාමාන්‍ය රෝග ලක්ෂණ බවත් වෛද්‍ය බටුවන්තුඩාව මහතා පැවැසීය.

source:www.dinamina.lk/2012/06/18/_art.asp?fn=n1206184

Read 2701 times Last modified on %AM, %29 %487 %2013 %10:%Aug

Featured Posts

Recent Posts

Show Panel