%AM, %17 %510 %2013 %11:%Aug

ඩෙංගු කීටයන් නසන මදුරුවෙක් Featured

Rate this item
(1 Vote)

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ නව සොයාගැනීමක්

නව මදුරු විශේෂයක් වසර 124 කට පසුව මෙරටින් හඳුනාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

ඩෙංගු මදුරුවාට බෙහෙවින් සමානකමක් දක්වන මේ මදුරුවාගේ විශේෂත්වය වන්නේ කීට අවස්ථාවේදී ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීම බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ටොපොමියා (Topomiya) වර්ගයට අයත් මේ මදුරු විශේෂය මෙරටින් වාර්තා වන 17 වැනි මදුරු කාණ්ඩය බවට වාර්තා වී ඇත.

ඩෙංගු මදුරුවාට බෙහෙවින් සමානකමක් මේ මදුරුවාගෙන් දක්නට ලැබුණත් මිනිස් රුධිරය උරාබොන බවට ‍පර්යේෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

මේ මදුරු විශේෂය බෝ වීම එක්තරා විදියකට ඩෙංගු මදුරුවන් සොබා දහම ඉක්මවා යාම වැළැක්වීම සඳහා සොබා දහම විසින්ම ඔවුන්ගේ විනාශය ළඟා කරන මදුරු විශේෂයක් නිර්මාණය කිරීමක් දැයි කීට විද්‍යාඥයන් උපකල්පනය කරයි.

නව මදුරු විශේෂය වාර්තා වීමට පෙර මෙරට මදුරු විශේෂ 16 ක් සිටි අතර ඒ අතරට මදුරු කාණ්ඩ 140 ක් අයත් වෙති. ලෝකයේ වෙනත් රටවල මේ මදුරු විශේෂය දක්නට ලැබුණත් මෙරටින් මේ මදුරු විශේෂය සොයා ගැනීමට හැකි වී ඇත්තේ වසර 124 කට පසුව වීම විශේෂත්වයකි.

මේ මදුරු විශේෂය ඩෙංගු මදුරුවන් ආශ්‍රිතවම ජීවත් වන අතර සෙසු මදුරුවන්ට නොමැති ආකාරයේ මුඛ නාලිකා (ශුණ්ඩාව) දෙකක් පිහිටා තිබේ.

ඩබ්.ජී. ප්‍රේමරත්න, පී.රණසිංහ, වයි.ශ්‍රියාකාන්ති යන කීට විද්‍යාඥ සහකාරවරුන් විසින් මේ පර්යේෂණය සිදු කර ඇත. නව මදුරු විශේෂය සොයා ගැනීම සම්බන්ධ වාර්තාවක් සෞඛ්‍ය ඇමැතිවරයාටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් බාර දීමට නියමිත ය.

Source:www.dinamina.lk/2013/07/26/_art.asp?fn=n13072614

Read 3064 times Last modified on %AM, %29 %517 %2013 %11:%Aug

Featured Posts

Recent Posts

Show Panel