%AM, %16 %334 %2017 %07:%Jun

ඩෙංගු වැළැක්වීමට අද සිට පැයක පිරිසිදු කිරීමේ කාලයක්

Rate this item
(0 votes)

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම අද සිට සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය පිරිසිදු කිරීමේ පැය ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ නිවාසවල අද සිට එම කාලය තුළ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම ඊට අදාළ කටයුතු සිදුකළ යුතුයි.



එසේම, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති කසල කළමනාකරණය විධිමත්ව සිදුනොවීම නිසා තාවකාලික විසඳුමක් ලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දැනට වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 62,857 ක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවයි.

එමෙන්ම, පුද්ගලයින් 160 කට වැඩි සංඛ්‍යාවක් ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.

මේ අතර, රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබූ අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ උණ රෝහලට යළිත් රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු ඊයේ සිට යළි ආරම්භ කෙරුණි.

ඩෙංගු රෝගීන් විශාල වශයෙන් එම රෝහලට ඇතුළත්වීමත් සමඟ එහි ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා පෙරේදා මෙලෙස රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරින් පියවර ගත්තේය.

Source: http://www.24newslanka.com/

Read 2272 times

Featured Posts

Recent Posts

Show Panel