%AM, %24 %316 %2014 %06:%Jul

ඩෙංගු පරීක්ෂා කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනක් සතිය පුරා

Rate this item
(0 votes)

මෙම සතිය පුරා දිවයිනේ සෑම ස්ථානයකම ඩෙංගු පරීක්ෂා කිරීමේ හා දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ වැඩසටහන සමාරම්භ කරමින් පෙරේදා (16) පෙරවරුවේ අරලියගහ මන්දිරය හා ජනාධිපති කාර්යාලය ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන දියත් කළේය.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේ වැඩසටහනට සමගාමීව ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ සහ අරලියගහ මන්දිරය පරිශ්‍රය තුළ පිරිසිදු කිරීම සඳහා ජනාධිපති කාර්යමණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු ක්ෂණික විහිදුම් ඒකකයේ බස්නාහිර පළාත් නිලධාරීන්ගේ හා ස්වේච්ඡා භටයන්ගේ සහභාගිත්වය ඇතිව ශ්‍රමදානයක්ද සිදු කෙරිණි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් ජනාධිපති කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ දේශනයක්ද පැවැත්වූ අතර, මේ අවස්ථාව සඳහා ජනාධිපති අතිරේක ‍ලේකම් ඩී.එස්. ගුණරත්න මහතා ඇතුළු කාර්යමණ්ඩලයද එක්ව සිටියහ.

ඩෙංගු මදුරුවන් බෝවන ආකාරය හා ඩෙංගු උවදුර ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටි අතර, ඩෙංගු උවදුරෙන් ආරක්ෂා වීමේ පුළුල් අවබෝධයක්ද මෙයට රැස්ව සිටි සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදෙන ලදී.

නිරිතදිග ඊසානදිග මෝසම් වැසි කාලය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාහැකි බැවින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම අමාත්‍යාංශ මට්ටමින් සහ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.

ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 2010 වසරේදී පිහිටුවනු ලැබූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු අමාත්‍යාංශ ඒකරාශී කර ගනිමින් ක්‍රියාත්මක මෙම බළකායේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු උවදුර සැලකිය යුතු මට්ටමින් අවම කරගැනීමට හැකියාව ලැබුණු බවද මෙහිදී සඳහන් කෙරිණි.

 

Source: www.rivira.lk

Read 2661 times Last modified on %AM, %24 %317 %2014 %06:%Jul

Featured Posts

Recent Posts

Show Panel