RELATED LINKS
Latest News
Super User
ඩෙංගු වැළැක්වීමට අද සිට පැයක පිරිසිදු කිරීමේ කාලයක්
දිවයිනේ සෑම ප්රදේශයකින්ම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම අද සිට සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය පිරිසිදු කිරීමේ පැය ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ නිවාසවල අද සිට එම කාලය තුළ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම ඊට අදාළ කටයුතු සිදුකළ යුතුයි.
ඩෙංගු සහ උණ රෝගීන්ගෙන් රෝහල් පිරිලා
දිවයිනේ ඇතැම් ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා මේ වනවිට ඒවායේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා.
පවතින තත්ත්වය මත අංගොඩ උණ රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කරගැනීම ඊයේ සිට තාවකාලිකව අත්හිටවුූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
රෝහලේ ඇඳන් 180ක් පවතින නමුත් මේ වනවිට ඩෙංගු සහ උණ රෝගීන් 500 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.
Overcrowding at Hospitals as patients suffering with dengue and flu is on the rise
Several hospital Authorities around the island have been finding it difficult to effectively treat patients as they are experiencing severe overcrowding.
The main reason for the overcrowding is because of the number of individuals that have contracted dengue or flu.
Dengue claims over 30 lives
Melanie Santiago
Thirty five persons have lost their lives due to Dengue during the past seven months.
The Epidemiology Unit of the Health Ministry said that 20,954 suspected cases of Dengue were reported during that time.
Dr. Prashila Samaraweera, Consultant Physician of the National Dengue Control Unit stated that these cases of Dengue were reported from the Colombo, Kalutara, Kandy, Kegalle, Matale, Puttalam and Kurunegala Districts.
Dengue on the rise – Colombo, Gampaha among twelve districts at risk
As flood waters recede, a risk of Dengue mosquitoes breeding in stagnant water has arisen. Eighteen thousand (18,000) cases of Dengue have been reported thus far this year, out of which more than five percent were reported from the district of Colombo.
Following the floods the Western, North Western and Northern provinces were named as regions prone to dengue.
Meanwhile, the Epidemiology Unit of the Ministry of Health says that the Dengue epidemic is widespread in the districts of Colombo, Gampaha, Kalutara, Puttalam, Kurunegala, Kandy, Galle, Matara, Ratnapura, Kegalle, Jaffna and Batticaloa.
National Coordinator of the National Dengue Control Unit Dr. Hasitha Tissera said that there is a threat of an increase in Dengue cases with intermittent rains which will be experienced next month and in the coming days.
He added that even though Dengue could start out as a normal fever, early symptoms of Dengue are sudden high fever, severe headaches, pain behind the eyes, severe joint and muscle pain and the appearance of red spots on the skin.
Specialist Doctor Hasitha Tissera also spoke about immediate steps that should be taken in the event of early symptoms of Dengue.
”If fever persists for more than two days, a doctor who is suitable to examine such a condition or a doctor who is in the nearest hospital to the patients’ location should be consulted. Haemorrhaging takes place once the fever goes down. The haermorrhaging is experienced on the third, fourth and fifth day after contracting the disease. Therefore, special attention should be given to patients whose body temperatures go down gradually”, stressed Specialist Doctor Hasitha Tissera
Source: http://newsfirst.lk/english/2016/06/dengue-rise- colombo-gampaha- among-twelve- districts- risk/138289
ඩෙංගු බෝ කළ 20 කට දඩ
ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් පරිසරය අපවිත්‍රව තබාගත් පුද්ගලයෙකුට එරෙහිව අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කෙරුණා. බලංගොඩ අවට ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය එක්ව පසුගිය සති දෙක පුරා මෙහෙයුම් සිදුකළා. එහිදී පරිසරය අපවිත්‍රව තබාගත් පුද්ගලයන් 21 දෙනෙකුට එරෙහිව නඩු පැවරුණා.
නඩුව සදහා අද දින පැමිණ ඇත්තේ පුද්ගලයන් 20 දෙනෙකු පමණයි. රුපියල් දහස බැගින් ඔවුන් 20 දෙනාට දඩ ගෙවන ලෙසයි බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කංනන්ගර මහතා නියෝග කළේ. අධිකරණය මගහැරි පුද්ගලයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසද මෙහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Source: nethfm.com
බස්නාහිර සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයටත් ඩෙංගු නඩු
මාලිගාවත්ත පිහිටි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට හා කොළඹ පෞද්ගලික බැංකුවක ප්‍රධාන කාර්යාලයකට ඩෙංගු මදුරුවන් බෝ කිරීමට විරුද්ධව නඩු පැවරූ බව ඩෙංගු මදුරු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඊයේ (18) රිවිරට පැවසීය.කොළඹ මහ නගර සභාව මගින් පවත්වන ඩෙංගු මර්දන වැඩසටහනකදී මෙම ස්ථාන ඊයේ (18) පරීක්ෂා කර තිබේ.
ඩෙංගු මදුරු කීටයන් බෝ කළ බවට තහවුරු වූ බැවින් ඊට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් මෙසේ නඩු පැවරීමට තීරණය කර ඇත.එම ආයතන දෙකෙහිම ඩෙංගු මදුරු කීටයන් බෝවී ඇත්තේ ජල පෙරණ යන්ත්‍රයේ ජල රැඳවුම් ස්ථානයේ බව සඳහන්ය.
හර්ෂණී වීරරත්න
Source: www.rivira.lk
ඩෙංගු පරීක්ෂා කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනක් සතිය පුරා
මෙම සතිය පුරා දිවයිනේ සෑම ස්ථානයකම ඩෙංගු පරීක්ෂා කිරීමේ හා දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ වැඩසටහන සමාරම්භ කරමින් පෙරේදා (16) පෙරවරුවේ අරලියගහ මන්දිරය හා ජනාධිපති කාර්යාලය ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන දියත් කළේය.
ඩෙංගු උවදුර මර්දනය කිරීමේ වැඩසටහනට සමගාමීව ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ සහ අරලියගහ මන්දිරය පරිශ්‍රය තුළ පිරිසිදු කිරීම සඳහා ජනාධිපති කාර්යමණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු ක්ෂණික විහිදුම් ඒකකයේ බස්නාහිර පළාත් නිලධාරීන්ගේ හා ස්වේච්ඡා භටයන්ගේ සහභාගිත්වය ඇතිව ශ්රමදානයක්ද සිදු කෙරිණි.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් ජනාධිපති කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ දේශනයක්ද පැවැත්වූ අතර, මේ අවස්ථාව සඳහා ජනාධිපති අතිරේක ලේකම් ඩී.එස්. ගුණරත්න මහතා ඇතුළු කාර්යමණ්ඩලයද එක්ව සිටියහ.
ඩෙංගු මදුරුවන් බෝවන ආකාරය හා ඩෙංගු උවදුර ව්‍යාප්ත වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටි අතර, ඩෙංගු උවදුරෙන් ආරක්ෂා වීමේ පුළුල් අවබෝධයක්ද මෙයට රැස්ව සිටි සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදෙන ලදී.
නිරිතදිග ඊසානදිග මෝසම් වැසි කාලය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාහැකි බැවින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම අමාත්‍යාංශ මට්ටමින් සහ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.
ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය 2010 වසරේදී පිහිටුවනු ලැබූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු අමාත්‍යාංශ ඒකරාශී කර ගනිමින් ක්‍රියාත්මක මෙම බළකායේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු උවදුර සැලකිය යුතු මට්ටමින් අවම කරගැනීමට හැකියාව ලැබුණු බවද මෙහිදී සඳහන් කෙරිණි.
Source: www.rivira.lk